fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පසුගිය රජය සමයේ ක්‍රියාවට නැංවූ නිවාස ව්‍යාපෘති පිළිබද විශේෂ සාකච්ඡාවක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2019 18:27

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පසුගිය රජය සමයේ ක්‍රියාවට නැංවූ නිවාස ව්‍යාපෘති පිළිබද විශේෂ සාකච්ඡාවක්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පසුගිය රජය සමයේ ක්‍රියාවට නැංවූ නිවාස ව්‍යාපෘති පිළිබද විශේෂ සාකච්ඡාවක් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක යන මහත්වරුද එක්ව සිටියා. දිස්ත්‍රික්කය තුළ පසුගිය රජය නිවාස ගම්මාන 337 ක ඉදිකිරීම් ආරම්භ කර තිබුණා. ඉන් ගම්මාන 84 ක් ජනතා අයිතියට පත් කර ඇති අතර ගම්මාන 253 ක වැඩ අවසන් කර නොමැති බව මෙහිදී හෙළි වුණා.

පසුගිය රජය ග්‍රාම ශක්ති නිලධාරීන් 680 දෙනෙකු බදවාගෙන ඇති අතර එම නිලධාරීන්ට වැටුප් ගෙවන ආකාරය හෝ ඔවුන්ගේ කාර්යභාරය පිළිබද කිසිදු තොරතුරක් සටහන් වී නොමැත. දෙශපාලන අවශ්‍යතාමත බදවාගත් එම නිලධාරීන් හරහා රුපියල් විසිදහස බැගින් ණය ලබා දීම සිදු කර ඇතත්, ඒ පිළිබද හෝ එම ණය නැවත ආකාරය පිළිබද තොරතුරු කිසිවක් නොමැති බවද මෙම සාකච්ඡාවේදී හෙළිවුණා. බොහෝ ගැටලුවලට නිලධාරීන් අසත්‍ය තොරතුරු ලබා දීමත්, නිරුත්තර වීමත් සිදුවූ අතර මෙම ක්‍රියාවලිය හරහා රජයේ මුදල් විශාල වශයෙන් අවභාවිත වී ඇති ආකාරය සාකච්ඡාවේදී අනාවරණය වුණා.

නිවාස ගම්මාන ඉදිකිරීම සදහා අවසරයකින් තොරව වනාන්තර හෙළිපෙහෙළි කිරීමෙන් පරිසර විනාශයක් සිදුව ඇති බව මෙහිදී අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2019 18:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo