fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික කඹ ඇදිමේ තරගාවලියේ ශුරතාව යුද හමුදා කණ්ඩායමට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2019 14:48

ජාතික කඹ ඇදිමේ තරගාවලියේ ශුරතාව යුද හමුදා කණ්ඩායමට

ශ්‍රී ලංකා කඹ ඇදිමේ සංගමය වාර්ෂිකව සංවිධාන කළ ජාතික කඹ ඇදිමේ තරගාවලියේ ශුරතාව දිනා ගැනිමට ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සමත් වුණා.

කොළඹ ගාලුමෝදර පිටියේදී පැවැති තරගාවලිය සදහා කාන්තා සහ පිරිමි කණ්ඩායම් 34ක් එක්ව සිටියා. බර පන්ති හතරක් යටතේයි ජාතික කඹ ඇදිමේ තරගාවලිය පැවැත්වුණේ. කාන්තා කිලෝග්‍රෑම් 64 බර පන්තියේ ශුරතාව දිනා ගැනිමට ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සමත් වුනා. එහි අනුශුරතාව දිනා ගත්තේ නාවික හමුදාවයි.

පිරිමි කිලෝග්‍රෑම් 64 බරපන්තියේ ශුරතාව දිනා ගත්තේ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමයි. නාවික හමුදා කණ්ඩායම එහි අනුශුරයන් බවට පත් වුණා. ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම තුන්වන ස්ථානය හිමි කර ගත්තා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2019 14:48

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo