කවර ආකාරයකින් හෝ දෙමව්පියන් අහිමිවන දරුවන්ගේ සුරක්ෂාව වෙනුවෙන් නව වැඩපිළිවෙළක් දැන් ක්‍රියාත්මකයි.
සුරක්ෂා සිසු රක්ෂණ වැඩපිළිවෙළ මගින් මවගේ හෝ පියාගේ අභාවයකදී දරුවෙකුට රුපියල් ලක්ෂ දෙකක රක්ෂණ ප්‍රතිලාභයක් හිමිවනවා. එය ඔවුන්ට අයත් වන්නේ මවගේ හෝ පියාගේ ස්වභාවික මරණයකදී පමණයි. එහෙත් එම ක්‍රමය වෙනස් කරමින් කුමන හෝ ආකාරයකින් දෙමව්පියන් අහිමිවන අවස්ථාවලදී දරුවන් සදහා මෙම රක්ෂණ ප්‍රතිලාභය ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
වයස අවුරුදු පහේ සිට 21 දක්වා කාණ්ඩයට අයත් දරුවන් සදහා මෙම ප්‍රතිලාභය හිමිවනවා. ඒ සම්බන්ධයෙන් ගැටලු ඇත්නම් තමන්අමතන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.