ශ්රී ලංකා පාකිස්තාන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ හතරවන දිනයටත් අයහපත් කාලගුණයෙන් බාධා එල්ල වී තිබෙනවා.
ඒ හේතුවෙන් තරගය ප්රමාද වී ආරම්භ කිරීමටයි තීරණය කර ඇත්තේ.
රාවල්පින්ඩිහිදි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්රී ලංකා කණ්ඩායම තුන්වන දිනයට තරගය නතර කරන විට කඩුලු 06ක් දැවි ලකුණු 282ක් ලබා සිටියා. ඊයේ (13) දිනයේදී වර්ෂාව සහිත අයහපත් කාලගුණ තත්ත්වයෙන් තරගයට බාධා එල්ල වූ අතර ඒ හේතුවෙන් ක්රියාත්මක කිරිමට හැකි වුයේ පන්දුවාර 05යි පන්දු 02ක් පමණයි. දෙවන දිනයේදී අයහපත් කාලගුණයෙන් බාධා එල්ල වීම හේතුවෙන් පන්දුවාර 18යි පන්දු 02ක් පමණක් ක්රිඩා කිරිමට හැකි වුණා.
ඒ අනුව මෙම තරගය බොහෝ විට ජය පරාජයෙන් තොරව අවසන් වනු ඇති බවයි ක්රිඩා විචාරකයින් පෙන්වා දෙන්නේ. ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න සහ ඕෂධ ප්රනාන්දු ලකුනු 96ක සබදතාවක් ගොඩනැගුවා. ධනංජය ද සිල්වා නොදැවි ලකුණු 87යි. දිමුත් කරුණාරත්න ලකුණු 59ක් ලබා ගත්තා.