fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවසීලන්ත – ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අද

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2019 10:48

නවසීලන්ත – ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අද

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අද(14)යි. ඊයේ (13) දිනට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රිඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 05ක් දැවි ලකුණු 109ක් ලබා සිටියා.

තරගය පර්ත්හීදි දිවා රාත්‍රී තරගයක් ලෙසයි පැවැත්වෙන්නේ. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 416ක් රැස් කළා. සිය තුන්වන ටෙස්ට් ශතකය වාර්තා කළ මර්නස් ලබුෂේන් නොදැවි ලකුණු 143යි.

ඩේවිඩ් වෝනර් සහ ස්ටීව් ස්මිත් ලකුණු 43 බැගින් රැස් කළා. පන්දු යැවිමේදී නෙයිල් වැග්නර් හා ටිම් සවුති  කඩුලු 04 බැගින් බිද හෙලුවා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2019 10:48

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්