fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සවස් කාලයේ පළාත් කිහිපයකට වැසි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2019 10:35

සවස් කාලයේ පළාත් කිහිපයකට වැසි

දිස්ති‍්‍රක්ක කිහිපයකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සියලු දිස්ති‍්‍රක්ක මෙන්ම යාපනය, මුලතිව්, කිලිනොච්චි සහ හම්බන්තොට දිස්ති‍්‍රක්ක ද ඊට ඇතුලත්. ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා මුහුදු ප‍්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 80 ක් දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතිනවා. එම අවස්ථාවල මෙම මුහුදු ප‍්‍රදේශ තාවකාලිකව ඉතා රළුවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2019 10:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්