ශ්‍රී‍්‍ර ලංකාව සමඟ සබඳතා වර්ධනය කරගැනීමට පූර්ණ ලෙස කැපවන බව ආසියානු සංවිධානයට අයත් රටවල තානාපතිවරුන් ප්‍රකාශ කළා.
ඒ අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය හෙවත් ආසියානු රටවල තානාපතිවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවූ අවස්ථාවේදී. ජනාධිපති කාර්යාලයේදී හමුව සිදුවුණා.
තායිලන්තය, ඉන්දුනීසියාව, මියන්මාරය, වියට්නාමය සහ මැලේසියාව යන රටවල තානාපතිවරුන් මෙන්ම කොන්සල්වරුන් හමුවට එක්ව සිටියා. එහිදී ඔවුන් ජනාධිපතිතුමාට සිය රටවල සුභාශිංසන එක්කර තිබෙනවා.
එමෙන්ම කලාපීය සහයෝගීතාව ඉහළ නංවමින් ඉදිරි අභියෝග ජයගැනීමට එක්ව කටයුතු කිරීම පිළිබදව ද හමුවේදී අවධානය යොමුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.