fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ ප‍්‍රදේශ රැසකට අද රාතී‍්‍ර අටේ සිට පැය 24ක් ජල සැපයුම අත්හිටුවයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2019 09:32

කොළඹ ප‍්‍රදේශ රැසකට අද රාතී‍්‍ර අටේ සිට පැය 24ක් ජල සැපයුම අත්හිටුවයි

කොළඹ ප‍්‍රදේශ රැසකට අද (14) රාතී‍්‍ර අටේ සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය ප‍්‍රකාශ කළා.

ඒ ප‍්‍රධාන ජලනල පද්ධතියේ හදිසි බිඳවැටීමක් හේතුවෙන්. කොළඹ 01, කොළඹ 02, කොළඹ 03, කොළඹ 04, කොළඹ 07, කොළඹ 08, කොළඹ 09, කොළඹ 10, කොළඹ 11, කොළඹ 12, කොළඹ 13, කොළඹ 14 සහ කොළඹ 15 යන ප‍්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ.

ඒ හෙට (15) රාතී‍්‍ර 8 දක්වා. මෙම කාලය තුළ කොළඹ 05 සහ කොළඹ 06 ප‍්‍රදේශ වලට ද ජලය සැපයෙන්නේ අඩු පීඩනයකින්. අඹතලේ සිට මාළිගාකන්දට ජලය ගෙන එන ප‍්‍රධාන නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් සිදුවුණා. දෙමටගොඩ ප‍්‍රදේශයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා කැනීම් කරමින් සිටියදී නල මාර්ගයට හානි සිදුව තිබෙනවා.

ඒ හේතුවෙන් නලයෙන් ජල කාන්දුවක් සිදුවුණා. ජල නලය අලුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි ජල සම්පාදන මණ්ඩලය ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 14, 2019 09:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්