fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපතිගේ වැඩපිලිවෙළ යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායමේ ඇගයීමට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 13, 2019 18:38

ජනපතිගේ වැඩපිලිවෙළ යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායමේ ඇගයීමට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය හා ස්ථාවරත්වය පිළිබදව අවධානය යොමු කර ඇති ආකාරය සම්බන්ධයෙන් තමන් සතුටුවන බව යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායම පවසනවා.

යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායම ජනාධිපතිතුමාට සුබපැතුම් එක්කරමින් නිකුත කර ඇති විශේෂ නිවේදනයේ මේ බව සදහන්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධූරයට පත්විම පිළිබද යුරෝපා පාර්ලිලමේන්තුව සතුටට පත්වන බවයි එම පාර්ලිමේන්තුවේ සභාපති ජෙෆ්රි වෑන් ඕඩන් මහතා සදහන්කර ඇත්තේ.

එල්ටීටීඊ ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් තුරන් කරමින් රටේ ආරක්ෂාව තහවුරු කිරිමට රාජපක්ෂ මැතිතුමා ගෙනගිය වැඩපිළිවෙළ තමන් අගය කරන බවද යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායම එම නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා.

යුරෝපා සංගමයට අයත් සියලු රටවල් ශ්‍රී ලංකාවත් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි එම නිවේදනයෙන් අවධාරණය කර ඇත්තේ.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 13, 2019 18:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo