ශ්‍රි ලංකා ජපාන සංවර්ධන සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීමට එකඟතාව පළවුණා.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ජපාන විදේශ අමාත්‍ය මොටෙගි ටොෂි මිට්ෂු මහතා අතර පැවති සාකච්ඡාවේදී. ජපාන විදේශ අමාත්‍යවරයා සමග එරට ඉහල පෙලේ නියෝජිතයන් අට දෙනෙක් මෙම සාකච්ඡා සදහා එක්වුණා. ශ්‍රී ලංකාව ජපානයේ විශේෂ මිතුරෙක් බවයි විදේශ අමාත්‍යවරයා සදහන් කළේ.
ජපානයේ චාරිකාවක නිරතවන ලෙසට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ජපාන විදේශ අමාත්‍යවරයා ආරාධනා කළා. ශ්‍රමය කේන්ද්‍ර කරගත් උසස් තාක්ෂණයෙන් යුත් ආර්ථිකයක් ගොඩනැගීම සිය අරමුණ බවයි ජනාධිපතිතුමා එහිදී පෙන්වා දුන්නේ.
ඊට ජපානයේ සහයෝගය අපේක්ෂා කරන බව ද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළා.