ශ්රී ලංකා පාකිස්තාන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ තුන්වන දිනය වන අදයි. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය ප්රමාද වී ආරම්භ කෙරුණා.
රාවල්පින්ඩිහිදි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්රී ලංකාව දෙවන දිනයට තරගය නතර කරන විට කඩුලු 06ක් දැවී ලකුණු 263ක් ලබා සිටියා. ඊයේ (12) දිනයේදී වර්ෂාව සහිත අයහපත් කාලගුණ තත්ත්වයෙන් තරගයට බාධා එල්ල වූ අතර ඒ හේතුවෙන් ක්රියාත්මක කිරිමට හැකි වුයේ පන්දුවාර 18යි පන්දු 02ක් පමණයි.
ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න සහ ඕෂධ ප්රනාන්දු අතර ලකුනු 96ක සබදතාවක් ගොඩනැගුවා. ධනංජය ද සිල්වා නොදැවි ලකුණු 72යි. දිමුත් කරුණාරත්න ලකුණු 59යි. පන්දු යැවිමේදී නසීම් ශාහ් සහ ශහීන් අෆ්රිඩි කඩුලු 02 බැගින් බිද හෙලුවා.