රුපියල් කෝටි 10 ක් වටිනා රන් බිස්කට් 99 ක් සිය භාරයට ගත් බව ගුවන් තොටුපොළ රේගුව ප්‍රකාශ කළා.
රන් බිස්කට් විදුලි පංකාවක බහා ගුවන් තොටුපොළෙන් රැගෙන යාමට තීරු බදු රහිත වෙළෙද සැලක සේවකයෙකු උත්සාහ දරා තිබෙනවා. රුපියල් අනූ අට ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස සැකකරුට නියෝග කළ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ. ඔහු සේවය කළ තීරු බදු රහිත විදුලි උපකරණ අළෙවි සැල ද සීල්තබා වසාදමන ලෙසට නියෝග කර තිබෙනවා.
රන් බිස්කට් සහිත විදුලි පංකාව ඇතුලත් ඇසුරුම ඔස්ටේ්රලියාවේ සිට පැමිණි ගුවන් මඟියෙකුට භාරදීමට වෙළෙද සැල් සේවකයා කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඔහු අවවාද කර නිදහස් කිරීමටයි ගුවන් තොටුපොළ රේගුව පියවර ගත්තේ.
මේ අතර ගුවන් තොටුපොළේදී තමන් රැගෙන ආ භාණ්ඩ පමණක් ගෙන යාමට කටයුතු කරන ලෙසයි රේගුව ගුවන් මඟීන්ට උපදෙස් දෙන්නේ.