ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා හා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා.
තුන් දින සංචාරයක් සඳහා ඊයේ (12) දිවයිනට පැමිණි ජපාන විදේශ කටයුතු අමාත්‍ය ටොෂිමිට්සු මොටේජි මහතා කටුනායක ගුවන්තොටුපොළේදී විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් උණුසුම් අයුරින් පිළිගත්තා.
ඒ මහතා මෙරට රැඳී සිටින කාලය තුළ ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යවරයා මෙන්ම විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.