අතුරුදන් වූ චිලී ගුවන් යානයේ ගමන් කළ මගීන්ගේ සිරුරු කොටස් හමු වී ඇති බව චිලී ගුවන් හමුදාව සඳහන් කළා.
ගුවන් යානය අනතුරට ලක් වූ ප්රදේශයේ විශේෂ මෙහෙයුමක් සිදුකර තිබෙනවා. යානය අතුරුදන් වූයේ් ඇන්ටාක්ටිකාව බලා පියසර කරමින් සිටියදී. මගීන් 38 දෙනෙකු එහි ගමන් කළා.
යානය ගුවන්ගත කර විනාඩි 70 කට පමණ පසු එය සමග පැවති සබදතා බිඳ වැටුනු බවයි බලධාරීන් සඳහන් කර තිබුණේ.