fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වී කිලෝග්‍රෑම් ලක්ෂ 33 ක් සහල් කිරීම සදහා සතොස වෙත නිකුත් කරයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 13, 2019 10:05

වී කිලෝග්‍රෑම් ලක්ෂ 33 ක් සහල් කිරීම සදහා සතොස වෙත නිකුත් කරයි

වව්නියාවේ ගබඩාකර තිබූ වී කිලෝග්‍රෑම් ලක්ෂ 33 ක් සහල් කිරීම සදහා සතොස වෙත නිකුත් කිරීම ආරම්භකර තිබෙනවා.

එළඹෙන උත්සව සමයේදී සහල් හිගයක් ඇති නොවීම වැළැක්වීම සදහායි රජය මෙම විශේෂ වැඩසටහන ක්‍රියාවට නංවා ඇත්තේ.

ඒ අනුව වව්නියාව වී අලෙවි මණ්ඩලය මිලදී ගත් වී තොග සතොස වෙත නිකුත් කිරීමයි සිදුකෙරෙන්නේ.

පසුගිය මාස් කන්නයේ දී වව්නියාව වී අලෙවි මණ්ඩලය වී කිලෝග්‍රෑම් ලක්ෂ 33 ක් මිලදී ගෙන තිබෙනවා.

ඊයේ සහ අද දිනයේ දී වව්නියාව දිස්ත්‍රික් ලේකම්තුමාගේ උපදෙස් මත පළමු අදියර යටතේ වී කිලෝග්‍රෑම් පනස්දහසක් නිකුත් කිරීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 13, 2019 10:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්