fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිදහස් මාධ්‍යයක් ඇති කිරීමට වත්මන් රජය කටයුතු කර තිබේ – ලක්‍ෂ්මන් යාපා

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 12, 2019 19:07

නිදහස් මාධ්‍යයක් ඇති කිරීමට වත්මන් රජය කටයුතු කර තිබේ – ලක්‍ෂ්මන් යාපා

නිදහස් මාධ්‍යයක් ඇති කිරීමට වත්මන් රජය කටයුතු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනිය පාඩු ලබන ආයතනයක් බවට පත්වූයේ පසුගිය රජය දේශපාලනය සමග මාධ්‍ය සම්බන්ධ කිරීම නිසා බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ රාජ්‍ය අමත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් වූ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා තනතුරේ රාජකාරි ආරම්භ කළා. රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියා. කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා ලෙස කටයුතු කර ඇති සුනන්ද මද්දුමබණ්ඩාර මහතා එම විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස ද වසර 3 ක කාලයක් කටයුතු කර තිබෙනවා. මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියාසිටියේ කිසිදු දේශපාලන පක්‍ෂපාතී බවකින් තොරව ස්වාධීන රූපවාහිනිය පවත්වාගෙන යාමට උපදෙස් ලබා දී ඇති බවයි.

පොලිස් පරික්‍ෂක නිශාන්ත සිල්වා මහතා රටින් පලා යාම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට ද ඒ මහතා මෙහිදී පිළිතුරු ලබා දුන්නා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 12, 2019 19:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්