කොරියා විභාගය සමත් රැකියා අපේක්ෂාවෙන් සිටින සියලු දෙනා කොරියා වෙබ් අඩවියට ලබා දුන් වාර්තාවල ගුණාත්මක බව යාවත්කාලීන කිරීමට පියවර ගත යුතු බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. එහි සාමාන්‍යාධිකාරී පුහුණු කිරීම් මංගල රන්දෙණිය මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.
කොරියා මානව සම්පත් සංවර්ධන ආයතනයේ ශ්‍රී ලංකා නේවාසික අධ්යක්ෂ කිං බං සියොන් මහතා ද මෙම අවස්ථාවට සහභාගි වුණා. කොරියා විභාගය සමත්ව වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇති සෑම කෙනෙකුම තම පෞද්ගලික ගිණුමක් කොරියා වෙබ් අඩවියේ පවත්වාගෙන යාමේ වැදගත්කම ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නා.
[ot-video type=”youtube” url=”https://youtu.be/GURHKnZdaEg”]