තම පාලන කාලයේ දී මාධ්‍ය නිදහසට කිසිදු බලපෑමක් එල්ලවන්නේ නැති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහතික වනවා. මාධ්‍යයෙන් රටට වියයුතු වගකීම් ඉටු කිරීමට මාධ්‍ය ආයතන ක්‍රියාකරනු ඇති බව ද ජනාධිපතිතුමා කියා සිටිනවා.
මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා ජනාධිපතිතුමා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියාසිටියේ ඕනෑම සාධාරණ විවේචනයකට තමන්ගේ පාලන කාලයේ දී ඉඩ ඇති බවයි. එහෙත් රටේ කීර්තිනාමයට හානිනොකර මාධ්‍යයේ වගකීම් පැහැර හරිමින් කටයුතු කිරීමෙන් වළකින ලෙස ද ජනාධිපතිතුමා ඉල්ලා සිටියා. තමා ජනාධිපතිවරයා ලෙස තෝරාගෙන ඇත්තේ අපේක්ෂා රැසක් පෙරදැරිවයි. දේශපාලනඥයින්ගේ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, දූෂණය පිටුදැකීම මෙන්ම ආර්ථික සංවර්ධනය ඒ අතර ප්රමුඛ වනවා.
මෙම අරමුණු ජය ගැනීමේ දී මාධ්‍යයේ සහාය නොඅඩුවම ලැබෙනු ඇති බවටයි ජනාධිපතිතුමා මෙහිදී විශ්වාසය පළකළේ. රට ගොඩනැගීමේ දී වැදගත්වන රටේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සදහා මාධ්‍ය සතුව පුළුල් වගකීමක් පවතින බව ජනාධිපතිතුමා කියාසිටියා. මේ අනුව මහත් කතාබහට ලක්වූ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනියගේ සිදුවීමේ දී මෙරට මාධ්‍යවල හැසිරීම පිළිබද ජනාධිපතිතුමා ප්‍රසාදය පළකළා. ජාත්‍යන්තර මාධ්‍ය අනවශ්‍ය ලෙස මෙම සිදුවීම උලුප්පා දැක්වීමට ගත් උත්සාහය පිළිබද කණගාටුව පළකළ ජනාධිපතිතුමා එය නිවැරදි කිරීමේ හැකියාව මෙරට මාධ්‍ය සතු බවයි ප්‍රකාශ කළේ.
නගර අලංකරන කටයුතු මෙන්ම රට පුරා චිත්‍ර ඇදීමේ වත්මන් ප්‍රවණතාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිතුමා එය කිසිවෙකුගේ ඉල්ලීම අනුව ආරම්භ වූවක් නොව රටට ආදරය කරන තරුණයන් අතරින් බිහිවූ නිර්මාණශීලී වැඩපිළිවෙළක් බව කියාසිටියා. රටට ආදරය කරන මෙම කණ්ඩායම දිරි ගැන්වීම සදහා මාධ්‍යයෙන් අඛණ්ඩ දායකත්වය ලැබිය යුතු බවද ප්‍රකාශ කළා. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරමින් මාධ්‍ය ආයතන ප්‍රධානීන් මෙම හමුවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/nl9zMtTK77c”]