fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ දෙදෙනෙකුට මරණ දඬුවම

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 12, 2019 16:42

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ දෙදෙනෙකුට මරණ දඬුවම

2001 වසරේ දී කොටහේන ප්‍රදේශයේ 17 හැවිරිදි තරුණයෙකු පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියේ වරදකරුවන් වූ දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කළා.

සැකකරුවන්ට එරෙහි චෝදනා සැකයකින් තොරව පැමිණිලි පාර්ශ්වය ඔප්පු කර ඇති බව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා තීන්දු කළා. 2001 වසරේ අප්‍රේල් දෙවනදා කොටහේන ප්‍ර දේශයේ ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙසේ ඝාතනය කර තිබුණේ පණ්ඩුක ප්‍රසාද් නමැති තරුණයෙක්. එම ඝාතනය සම්බන්ධයෙන් නීතිපතිවරයා මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබුණා. එහි තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විත්තිකරුවන් දෙදෙනාට මරණීය දඩුවම නියම කිරීමටයි මහාධිකරණය තීරණය කළේ.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 12, 2019 16:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්