මට්ටක්කුලිය, කාක දූපත, ළමා උද්‍යානයේ අඩුපාඩු සෙවීමට හරිමග සංවිධානය නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදීයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධුයේ කටයුතු කළ සමයේ ඉදිකළ මෙම ළමා උද්‍යානය බෙහෙවින් සුන්දර ස්ථානයක් බවට පත්වුණා. එහෙත් පසුගිය වසර 4 ක කාලය තුළදී ඒ පිළිබද නොසලකා හැරිම නිසා ළමා උද්‍යානය ප්‍රයෝජනය ගැනීමට නොහැකි තත්ත්වයට පත්වුණා. එහි ක්‍රීඩා උපකරණ ළමයින්ට ක්‍රීඩා කිරීමට සුදුසු මට්ටමක නැති බවයි හරි මග සංවිධානයේ නියෝජිතයන්ට දැක ගැනීමට ලැබුණේ. කොළඹ මහ නගර සභාව ද එම ළමා උද්‍යානය නඩත්තු කිරීමට කටයුතු කර තිබුණේ නැහැ. නිසි පවිත්‍ර කිරීමක් නොතිබීම හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානයක් බවට ද එය පත්ව තිබෙනවා. පෞද්ගලික ආයතනවල ධන පරිත්‍යාග යටතේ ඉදිරි දෙසතියක කාලය තුළ මෙම ස්ථානය යලි පිළිසකර කිරීමටයි හරි මග සංවිධානය අපේක්ෂා කරන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/TiJAPUhnGKo”]