fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජපාන විදේශ අමාත්‍යවරයා අද දිවයිනට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 12, 2019 09:39

ජපාන විදේශ අමාත්‍යවරයා අද දිවයිනට

ජපාන විදේශ අමාත්‍ය ටොෂි මිට්ෂු මොටෙගි මහතා අද දිවයිනට පැමිණෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟද සාකච්ඡා කිරීමටයි ඔහු සැලසුම් කර තිබෙන්නේ.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ සාකච්ඡාව හෙට පැවැත්වෙන බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළා. දෙරට අතර සහයෝගිතාව වර්ධනය කර ගැනීමයි මෙහි මූලික අරමුණ. නව රජයට සුභපැතුම් එක් කිරීමත් චාරිකාවේ අරමුණක් බව ජපානය සඳහන් කළා. ශ‍්‍රී ලංකාවේ සංචාරයෙන් අනතුරුව ඔහු ආසියාන් සංවිධානයේ සමුළුවකටද සහභාගි වනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 12, 2019 09:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්