fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුකී යුද අපරාධ චෝදනා ප‍්‍රතික්ෂේප කරයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 12, 2019 09:38

සුකී යුද අපරාධ චෝදනා ප‍්‍රතික්ෂේප කරයි

යුද අපරාධ චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව මියන්මාර නායිකා අවුන්සාන් සුකී ප‍්‍රකාශ කළා. ඒ ජාත්‍යන්තර අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින්.

රොහින්‍යාවරුන්ට එරෙහිව මියන්මාරය කටයුතු කළ බවට අදහස් පළ වී තිබෙනවා. ඒ සියල්ල අසත්‍ය බවයි අවුන්සාන් සුකී පෙන්වා දුන්නේ. 2017 වසරේ සිට පැවති අර්බුද හේතුවෙන් ලක්ෂ හතකට වැඩි රොහින්‍යාවරුන් පිරිසක් බංග්ලා දේශයට පලාගොස් තිබෙනවා. ඔවුන්ගෙන් අභ්‍යන්තර කටයුතුවලට දැඩි තර්ජන එල්ල වූ බවයි මියන්මාරය මීට පෙර සඳහන් කළේ. ඒ අනුව ආරක්ෂක අංශවල කි‍්‍රයාකාරිත්වය ගැටළුකාරී නොවන බවයි ඇය සඳහන් කර තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 12, 2019 09:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්