fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටම වෙනස් වන වර්තමානයේ ඊට ගැලපෙන ලෙස ව්‍යාපාරික ප්‍රජාව සකස් කිරීමේ වැඩපිළිවෙළක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 11, 2019 17:49

රටම වෙනස් වන වර්තමානයේ ඊට ගැලපෙන ලෙස ව්‍යාපාරික ප්‍රජාව සකස් කිරීමේ වැඩපිළිවෙළක්

රටම වෙනස් වන වර්තමානයේ ඊට ගැලපෙන ලෙස මෙරට ව්‍යාපාරික ප්‍රජාව සකස් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනවා. ඒ යටතේ පුත්තලම දිස්ත්‍රික් ව්‍යාපාරික ඵලදායිතා සමුළුව මාරවිලදී පැවැත්වුණා.

සිටුවර ජයබල ව්‍යාපාරයේ මූලිකත්වයෙනුයි මෙම සමුළුව පැවැත්වුණේ. පුත්තලම දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයින් විශාල පිරිසක් ඊට එක්ව සිටියා. ව්‍යාපාර දියුණු කරන ආකාරය, සුහදශීලී පාරිභෝගික සේවාවන් සැලසීම මෙන්ම හෙළ ව්‍යාපාර සංවර්ධනය කිරීම පිළිබඳ මෙහිදී දැනුවත් කෙරුණා. මේ වන විට දිස්ත්‍රික් රැසකම මෙවැනි සමුළු පවත්වා ව්‍යාපාරිකයින් දැනුවත් කර තිබෙනවා. රටට ආදරය කරන නායකයෙකු බිහි වී ඇති මොහොතේ ව්‍යාපාරිකයන් ද එම නායකත්වයේ දැක්ම අනුව ඉදිරියට යාමෙන් රට ගොඩගත හැකි බවයි මෙහි සංවිධාකයන් පවසන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 11, 2019 17:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar179.37183.04
USA
Pound219.38226.29
UK
Euro233.37240.63
EU
Yen1.611.67
Japan
Yuan25.7926.98
China
Dollar122.42127.51
Australia
CountryCurrencyRate
Dinar481.08
Dinar597.53
Riyal471.08
Riyal49.81
Riyal48.34
Dirham49.38