fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු පළාතේ පළාත් පාලන ආයතන සඳහා රුපියල් මිලියන 72 ක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 11, 2019 12:37

දකුණු පළාතේ පළාත් පාලන ආයතන සඳහා රුපියල් මිලියන 72 ක්

හලාවත වෙන්නප්පුව මුහුදුබඩ මාර්ගයේ ප්‍රධාන පාලමේ ඉදිකිරීම් යළි ආරම්භකර තිබෙනවා. මීටර් 72 ක දිගින් යුත් මෙම පාලම මීටර් 11 ක පළලකින් යුක්ත වන අතර එය මන්තීරු දෙකක් ලෙසයි ඉදිකෙරෙන්නේ. ලෝක බැංකු ආධාර යටතේ මේ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ 4500 ක්. මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ඉදිකිරීම් සිදුකෙරෙන අතර මෙමගින් වෙරළබඩ ජනතාවට ප්‍රතිලාභ රැසක් හිමි වනවා.

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ අනතුරුදායක ස්ථාන සංවර්ධනය කිරීමේ කටයුතු රජය ආරම්භකර තිබෙනවා. ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ 150 ක්. මාර්ග සංවර්ධන අධිකාරිය එම කටයුතු සිදුකරන අතර මෙමගින් ප්‍රදේශ රැසක ජනතාවට පැවති දුෂ්කරතා මගහැරී යනවා.

දකුණු පළාතේ පළාත් පාලන ආයතන සඳහා රුපියල් මිලියන 72 ක මුදලක් ලබාදීම පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. එම ආයතනවල මුද්දර හා දඩ ලෙස ගෙවීමට ඇති මුදල් සඳහායි මෙම ආධාර ලබාදීම සිදුවුණේ. දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ සභාපති චරිත් අසේල මහතා ඇතුළු කිහිප දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය ද ආණ්ඩුකාරවරයා අතින් සිදු කෙරුණා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 11, 2019 12:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්