නවසීලන්තයේ වයිට් අයිලන්ඩ් හි වකාරි ගිනි කන්ද තවමත් සක්රීය තත්ත්වයේ පැවතීම හේතුවෙන් අතුරුදන් වූවන් සෙවීමේ කටයුතු වලට බාධා එල්ලවී තිබෙනවා.
ගිනි කන්ද පිපිරීමෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් 8 දෙනෙකු අතුරුදන්ව සිටිනවා. සිද්ධියෙන් 25 දෙනෙකු බරපතල තුවාල ලැබුවා. මෙම තත්ත්වය දින කිහිපයක් පැවතිය හැකි බැවින් සංචාරකයින් සඳහා එම ප්රදේශය තවමත් විවෘත කර නැහැ.