fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහාචාර්ය රොහාන් ගුණරත්න ජනාධිපති විමර්ශන කොමිසම හමුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 11, 2019 12:08

මහාචාර්ය රොහාන් ගුණරත්න ජනාධිපති විමර්ශන කොමිසම හමුවට

සමාජ ආරක්ෂණය,දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථික දියුණුව සදහා ජාතික ආරක්ෂාව පදනම බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අන් කවරෙකුටත් වඩා අවබෝධ කරගෙන තිබෙන බව ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා පවසනවා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබද සොයා බැලෙන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.

”මේ කොමිසම ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත්. මොකද මෙය ගවේශණය කිරීම පමණක් නොවේ. ශ්‍රී ලංකාව අනාගතයේ ආර්ෂාකර ගන්නේ කෙසේද යන්න පිළිබඳ සත්‍ය හා නිවැරදි තොරතුරු ඉදිරිපත් කරනවා. ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතයට නායකත්වය ලබාදෙන සෑම පුරවැසියෙක්ම මේ කොමිසමේ සිදුකර ඇති පරීක්ෂණ සහ නිර්දේශයන් කියවිය යුතුයි. මම විශ්වාස කරනවා මේ කොමිසම කුමක් සිදුවූයේ ද යන්න විතරක් ගවේශණය කරන්නේ නැහැ කියලා. අනාගතයේ දී ශ්‍රී ලංකාව ආරක්ෂා කරගත යුතු අංගයන් පිළිබඳව ද මෙම කොමිසම අනාවරණය කරනවා. ශ්‍රී ලංකා රජය වගකීම් පැහැරහැර ඇත්නම් ඒ සඳහා ක්‍රියාමාර්ග ගත යුතුයි. ශ්‍රී ලංකාව සංවර්ධිත රක් බවට පත්කිරීමේ කාර්යය වත්මන් ජනාධිපතිතුමා ආරම්භකර තිබෙනවා. මම විශ්වාස කරනවා ජනාධිපතිතුමා මෙම කොමිසමේ නිර්දේශයන් ක්‍රියාත්මක කරයි කියලා.”

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 11, 2019 12:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo