ග්‍රීන්ලන්ත අයිස්කඳු දියවීමේ වේගය ඉහළ ගොස් තිබෙනවා.
විශේෂ කණ්ඩායමක් විමර්ශනයක නිරත වුණා. වසර 26 ක සිට රැස් කළ දත්ත හා චන්ද්‍රිකා ඡායාරූප එහිදී ගවේෂණය කර තිබෙනවා. අපේක්ෂා කළ මට්ටමට වඩා වේගයකින් අයිස් කඳු දියවීම වැඩිවී ඇති බවයි එහිදී හෙළිවුණේ. ඉදිරි වසර කිහිපය තුළ මුහුදු ජලය සෙන්ටි මීටර හතකින් ඉහළ යාමටත් හැකියාව පවතිනවා. පහත් බිම් හා වෙරළ ආශ්‍රිතව ජීවත්වන ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ඉන් බලපෑම් එල්ල විය හැකි බවයි විමර්ශකයන් පවසන්නේ. ජලගැලීම් ඇතිවීම ඊට හේතුවයි. ලොව සෑම රටක්ම ඊට අවධානය යොමු කළ යුතු බවත් ඔවුන් ප්‍රකාශ කළා.