fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ නැව් අලුත් වැඩියා කිරීමේ නව ඒකකය විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2019 18:14

හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ නැව් අලුත් වැඩියා කිරීමේ නව ඒකකය විවෘත කෙරේ

හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රය තුළ නැව් අලුත් වැඩියා කිරීමේ නව ඒකකය අද විවෘත කෙරුණා. මේ තුළින් තරුණ තරුණියන් රැසකට රැකියා අවස්ථා උදාවනු ඇති.

කොළම වරායට අනුබද්ධ නැව් තටාකාංගනයේ ශාඛාවක් ලෙසයි හම්බන්තොට වරාය පරිශ්‍රය තුළ නව ඒකකය ස්ථාපනය කෙරුණේ. එම ඒකකයේ මෙහෙයුම් කාර්යාලයක් හම්බන්තොට වරාය පරිශ්‍රය තුළ විවෘත කිරීම ද අද සිදුකෙරුණා. ඒ කොළඹ ඩොක්යාඩ් සමාගමේ සභාපති එච් ටනල්කා හා කළමනාකාර අධ්‍යක්‍ෂ ඩී වී අබේසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

නව ඒකකය පිහිටුවීමත් සමග හම්බන්තොට ජාත්‍යන්තර වරායේ පවතින ඉඩ පහසුකම් හේතුවෙන් ප්‍රදේශයේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා 500 කට වැඩි ප්‍රමාණයක් හිමිවනු ඇති. පුහුණු පාසලක් තුළින් මීට අදාළ පාඨමාලා ක්‍රියාත්මක කිරීම ද සැලසුමයි. හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ප්‍රධාන විධායක රේ රෙන් මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2019 18:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo