දේශීය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විජිතා සෙනෙවිරත්න මහත්මිය සිය ධුරයේ රාජකාරී ආරම්භ කළා.
දේශීය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍යාංශලේකම් ලෙස පත්කළ විජිතා සෙනෙවිරත්න මහත්මිය රාජකාරී ආරම්භ කළේ එම අමාත්‍යාංශයේදීයි. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිණියක වන ඒ මහත්මිය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ඒකාබද්ධ සේවා අධ්යක්ෂ, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ලෙසද කටයුතු කර තිබෙනවා.