fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්තාන හිටපු පිතිකරුවෙකු අල්ලස් චෝදනාවකට වරද පිළිගනී

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2019 10:48

පාකිස්තාන හිටපු පිතිකරුවෙකු අල්ලස් චෝදනාවකට වරද පිළිගනී

පාකිස්තාන හිටපු ආරම්භක පිතිකරුවෙකු වන නසීර් ජැම්ෂෙඩ් තමාට එරෙහි අල්ලස් චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගෙන තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ ජාතික අපරාධ ඒජන්සිය මෙම චෝදනා ඔහුට එරෙහිව ගොණු කළේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීයි. පාකිස්තාන සහ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සංවිධාන කළ ක්‍රිකට් තරගාවලියන්හිදි සිදු වු බව කියන තරග පාවාදීමේ සිදුවීම් සම්බන්ධයෙන් එම ඒජන්සිය සිදු කරන පරික්ෂණවලට අදාලවයි ඔහු ඇතුළු තුන්දෙනෙකුට මෙම චෝදනා ගොණු කර ඇත්තේ. චෝදනා එල්ල වූ සෙසු පුද්ගලයින් දෙදෙනා සුසෙෆ් අන්වර් සහ මොහොමඩ් ඉජාස් නම් දෙදෙනෙකු බව සදහන්. පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේදී තරග පාවාදීම සදහා ඔවුන් ක්‍රිඩකයින්ට අල්ලස් ලබා දීමට තැත් කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. එම චෝදනා මිට පෙර ප්‍රතික්ෂේප කළ නමුත් එංගලන්තයේ මැන්චෙස්ටර් අදිකරණය හමුවේ මේ වන විට ඔහු තමාට එරෙහි චෝදනාව පිලිගෙන තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2019 10:48

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo