පැහැර ගැනීමකට ලක්වූ බව කියන ස්වීස් තානාපති කාර්යාල නිලධාරිනිය මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටින බවට වාර්තා වනවා. ඇය මෙසේ අද දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ තුන්වන දිනටයි.
ඊයේ සහ පෙරේදා දිනයන්හිදී ද ඇයගෙන් ප්‍රකාශ සටහන් කර ගැනුණා. එසේම ඇයට පහරදීමක් හෝ ලිංගික අපයෝජනයක් සිදු කර ඇත්දැයි සොයා බැලීම සදහා අධිකරණ වෛද්‍ය පරික්ෂණයකට ද ලක් කෙරුණා. ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි. මෙම කාන්තාව අද දිනයේ ද අධිකරණ වෛද්‍ය පරික්ෂණයකට යොමු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නමැති මෙම කාන්තාව ප්‍රකාශ කර තිබුණේ තමන් පැහැර ගෙන ගොස් ස්වීස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ තොරතුරු ලබා ගැනීමට උත්සාහ කළ බවයි. එහෙත් ඒ පිළිබදව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් නොවූව ද මෙය රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් දක්වා වර්ධනය වීමත් සමග පූර්ණ පරික්ෂණයක් පැවැත්වීමටයි රජය කටයුතු කළේ. ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ ආරම්භ කළා. මෙම කාන්තාව විදේශගත වීමට උත්සාහ කරන බවට ලද තොරතුරු මත එය වැළැක්වීම සදහා අධිකරණ නියෝගයක් ද ලබා ගැනුණා. එය අනිද්දා දිනය තෙක් ක්‍රියාත්මකයි. ස්වීස් තානාපති කාර්යාලය පැවසුවේ මෙම සේවිකාවට අසාධ්‍ය බැවින් ඇය ප්‍රතිකාර සදහා ස්වීට්සර්ලන්තයට රැගෙන යා යුතු බවයි. එහෙත් ඇය ඊයේ සහ පෙරේදා දිනයන්හිදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ දර්ශනවලින් මාධ්‍යෙව්දීන්ට තහවුරු වූයේ ඇය එවැනි අසාධ්‍ය තත්ත්වයක පසු නොවන බවයි. මෙම ස්වීස් තානාපති කාර්යාල සේවිකාව තමා පැහැරගෙන ගිය බවට ප්‍රකාශ කළ ද සීසීටීවී දර්ශන හෝ වෙනත් කිසිවකින් ඒ බව තහවුරු වී නැහැ. ඇයගේ ප්‍රකාශ මත ඉදිරි පරික්ෂණ ක්‍රියාත්මක කෙරෙනවා.