fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය හෙට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2019 09:59

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය හෙට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට රාවල්පින්ඩින්හිදි ආරම්භ වීමට නියමිතයි.

තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සදහා දිවයිනෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයේදී පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරට ළගා වුණා. පාකිස්තානයේදී ටෙස්ට් තරගාවලියක් පැවැත්වෙන්නේ වසර දහයකට පසුවයි. අද දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුසැසියකට එක්විමට නියමිතයි. දිමුත් කරුණාරත්නගේ නයකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරග සංචාරයට එක්වන්නේ මිකී ආතර්ගේ පුහුණුකාරිත්වය යටතේයි. මිකී ආතර් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වීමට පෙර පාකිස්තානයේ  කණ්ඩායමේ පුහුණුකරු ලෙසයි කටයුතු කළේ. චන්දික හතුරුසිංහ මහතාද ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වූ අවස්ථාවේ ඔහුගේ පළමු අභියෝගය වූයේ ද තමාම පුහුණුකළ බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු කිරිමයි. මෙවර තරග සංචාරය සදහා ද ශ්‍රී ලංකා කණ්ඩායමට රාජ්‍ය නායකයින්ට ලබා දෙන ආරක්ෂාවක් එරටදී ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන් ගෙන සිටින හෝටලය, ගමන් කරන මාර්ගය හා ක්‍රිඩාංගනය සදහා ද දැඩි ආරක්ෂාවක් සපයා ඇති අතර ඒ සෑම ස්ථානයකම සීසීටීවී කැමරා සවි කර ආරක්ෂාව තර කිරිමට පියවර ගෙන ඇති බව සදහන්.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 10, 2019 09:59

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo