වසර 35 කට පසු ලක් මාතාවට අභිමානයක් ගෙන එමින් විවාහක රූ රැජින කිරුළ පැළදූ කැරොලයින් ජූරි අද දිවයිනට පැමිණියා.මෙවර ලෝක විවාහක රූ රැජින තරගය පැවැත්වුණේ ඇමෙරිකාවේ නෙවාඩා ලාස්වේගාස් නුවරදීයී.
ලෝක විවාහක රූ රැජින තරගයේ අවසන් මහතා තරගයට තරගකාරීන් 51 දෙනෙකු තෝරා ගැනුණා. එම සියලු තරගකාරියන් අභිබවා තරගයේ රන් පදක්කම හිමිකර ගැනීමට කැරොලයින් ජූලි සමත්වුණා. වෘත්තියෙන් නිරූපිකාවක් වන ඇය මෙවැනි තරගයකට ඉදිරිපත් වූ පළමු අවස්ථාවද මෙයයි. කැරොලයින් ජූලි වසර 03 ක් වයසැති දියණියකගේ මවක්ද වනවා. මීට පෙර ලොක් විවාහක රූ රැජින තරගයේ කිරුළ වසර 35 කට පෙර හිමිකර ගත්තේ රෝසි සේනානායක මහත්මියයි. කැරොලිනා ජූරි අද උදෑසන දිවයින පැමිණි අතර ඇය පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපලේදී විශේෂ උත්සවයක් පැවැත්වුණා.
එම පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව කැරොලින් ජූරි ගම්පහ සිය නිවස වෙත පැමිණීම සඳහා ගමන් ආරම්භ කළේ රැස්ව සිටි ජනතාවගේ උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේයි.
කදාන නගර මධ්‍යයේද ඇය පිළිගැනීම වෙනුවෙන් විශේෂ උත්සවයක් සංවිධාන කර තිබුණා.
රටවල් 51 ක් අභිබවමින් ලෝක විවාහක රූ රැජින ලෙස ජයගනිමින් ඇය මව්බිමට ගෙන දුන් කීර්තිය වෙනුවෙන් ජාඇල ජනතාවද කැරොලින් ජූරි උණුසුම් ලෙස පිළිගත්තා. ඒ ජාඇල නගර මධ්යයේදීයී.