fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැදපෙරදිග රටවල් සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තර කෙරේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2019 16:54

මැදපෙරදිග රටවල් සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තර කෙරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සහ තම රටවල් අතර සෑම අතින්ම සබදතා ශක්තිමත් කර ගැනීමට කැපවන බව මැදපෙරදිග රටවල තානාපතිවරුන් පවසනවා. ඒ ජනාධිපතිතුමා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

මැදපෙරදිග රටවල තානාපතිවරුන්ගේ සංසදය නියෝජනය කරන රටවල තානාපතිවරුන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර හමුව සිදුවූයේ ජනාධිපති කාර්යාලයේදීයි. එම තානාපතිවරුන්  ජනාධිපතිතුමා වෙත සිය සුභාශිංසන පළ කළා.  නව රජයට මැදපෙරදිග රටවල සහයෝගය සෑම විටම ලැබෙන බවයි ඔවුන් ප්‍රකාශ කළේ.  ආර්ථික මෙන්ම සංස්කෘතික කටයුතු සදහා ද ඉදිරියේදී ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දීමට බලාපොරොත්තු වන බවද  මෙම තානාපතිවරුන් කියා සිටියා. පලස්තීනය, ඊජිප්තුව, කුවේටය, ඕමානය, ඉරාකය, ලිබියාව හා කටාර් යන රටවල තානාපතිවරුන් මෙම හමුවට එක්වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2019 16:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්