fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වත්තල මාබෝල නගර සභා සේවකයන් නගර සභාව ඉදිරිපිට විරෝධතාවක

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2019 15:07

වත්තල මාබෝල නගර සභා සේවකයන් නගර සභාව ඉදිරිපිට විරෝධතාවක

වත්තල මාබෝල නගර සභා සේවකයන් එම නගර සභාව ඉදිරිපිටදී විරෝධතාවක නිරතවුණා.

නගර සභාවේ වත්මන් ලේකම්වරිය දැඩි පාලනයක් ගෙන යන බවට චෝදනා කරමිනුයි මෙම විරෝධතාව පැවැත්වුණේ. නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු සේවකයින් උද්ඝෝෂණයට එක්ව සිටියා. ඔවුන් පැවසුවේ ලේකම්වරිය අතිකාල කප්පාදු කරමින්, නිල ඇදුම් ලබා නොදෙමින් තම හිතවතුන්ට පමණක් වැඩි සැලකිලි දක්වන බවයි. ඒ හේතුවෙන් වෙනත් අයෙකු පත් නොකළ හොත් හෙට සිට කසල ඉවත් කිරිමේ කටයුතුවලින් ද ඉවත් වන බව ඔවුන් ප්‍රකාශ කළා.

වත්තල මාබෝල නගර සභාවේ ලේකම් ගීතානි ඩී ලොකුවැල්ල මහත්මියගෙන් මේ පිළිබද විමසූ විට ඇය කියා සිටියේ මෙම නගර සභාවේ දූෂිත ක්‍රියා මැඩපැවැත්වීමට ක්‍රියාකළ බවයි. එහිදි ඇතැම් වංචා හසුකර ගත් බවත් එම පිරිස් තමාට සිදු කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ලේකම්වරිය සදහන් කළා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2019 15:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්