මතභේදාත්මක පනත් කෙටුම්පතක් ඉන්දීය පාර්ලිමේන්තුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2019 14:44

මතභේදාත්මක පනත් කෙටුම්පතක් ඉන්දීය පාර්ලිමේන්තුවට

මතභේදාත්මක පනත් කෙටුම්පතක් ඉන්දිය රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අසල්වැසි රටවල් තුනකින් පැමිණෙන මුස්ලිම් නොවන නීතිවිරෝධී සංක‍්‍රමණිකයන්ට පොදු සමාව ලබාදීම සම්බන්ධයෙන්.

පකිස්ථානය , බංගලිදේශය සහ ඇෆ්ගනිස්ථානයේ සුළුතර ජනතාවට මෙමඟින් පුරවැසිභාවය ලබාදීමට අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ. ආගමික හිංසනයන්ගෙන් පලා යන ජනාවට මෙය අභය භූමියක් වනු ඇති බව හින්දු ජාතිකවාදී භාරතිය ජනතා පක්ෂය ප‍්‍රකාශ කර තිබෙනවා.මෙම පනත් කෙටුම්පත මුස්ලිම්වරුන්ට එරෙහි භාරතිය ජනතා පක්ෂ න්‍යාය පත‍්‍රයේ කොටසක් වන බවට ඇතමුන් විවේචනය කර ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2019 14:44

Default