fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව ප්‍රධාන පෙළේ අයෝජකයෙකු වන ආචාර්ය මාර්ක් මෝබියස් දිවයිනට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2019 14:18

ලොව ප්‍රධාන පෙළේ  අයෝජකයෙකු වන ආචාර්ය මාර්ක් මෝබියස් දිවයිනට

ලොව ඉහලම පෙලේ අයෝජකයෙකු ලෙස සැලකෙන ආචාර්ය මාර්ක් මෝබියස් මහතා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකාවේ දියුණු කළ හැකි ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කිරීම සදහා වූ විශේෂ සමුළුවකට සහභාගී වීම සදහායි ඒ මහතා මෙරටට පැමිණ ඇත්තේ. 87 වන වියෙහි පසුවන ඒ මහතා ජර්මන් ජාතිකයෙක්. මෝබියස් මහතා ප්‍රාග්ධන සහයෝගීතා සමාගමේ නිර්මාතෘවරයා ද වනවා. මෝබියස් මහතා ආසියාව ලතින් ඇමරිකාව අප්‍රිකාව සහ නැගෙනහිර යුරෝපයේ දැවැන්ත ආයෝජන ව්‍යාපෘතිවලට පසුගිය වසර 30 ක කාලය තුළදී සම්බන්ධ වී තිබෙනවා. ඔහුගේ ආයෝජන විශිෂ්ඨත්වය සදහා අන්තර්ජාතික සම්මාන රැසක්ද හිමිවුණා. මෝබියස් මහතාගේ ශ්‍රී ලංකා ආගමනය සහ මෙරට ආයෝජන කෙරෙහි ඔහු දක්වා ඇති උනන්දුව රටෙහි ආර්ථික කෙරෙහි ඉතා වැදගත් බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. නැගී එන ආර්ථිකයන් හිමි රටවල් අතරින් ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් සංවර්ධනය වීමේ ඇති විභවතාවන් පිලිබද දේශනයක්ද මෝබියස් මහතා පැවැත්වීමට නියමිතයි. ඒ මහතා නැගී එන ආර්ථිකයන් සම්බන්ධ අන්තර්ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමේ විද්වතෙකු ලෙසද දීර්ඝ කලක් කටයුතු කර තිබෙනවා. ලෝක බැංකුවේ ගෝලීය ආයතනිනක පරිපාලන සංසදයේ සාමාජිකයකු වශයෙන්ද මෝබියස් මහතා කලක් කටයුතු කළා.බ්ලූම්බර්ග් වෙළඳපල අධ්‍යයන සඟරාව 2011 වසරේදී ලොව වඩා බලවත්ම පුද්ගලයන් 50 දෙනා අතරට මෝබියස් මහතාද ඇතුළත් කළා. කාසන් සමූහයේ සමීක්ෂණයකට අනුව 20 වන සියවසෙහි හොදම මූල්‍ය කලමණාකරුවන්  දහ දෙනා අතරටද ඒ මහතා පත්වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2019 14:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo