fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2019 විශ්ව රූ රැජිණ කිරුළ දකුණු අප්‍රිකාවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2019 12:51

2019 විශ්ව රූ රැජිණ කිරුළ දකුණු අප්‍රිකාවට

2019 විශ්ව රූ රැජිණ කිරුළ දිනා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා. ඇමෙරිකාවේ අලන්ටා හිදීයි මෙම උත්සවය පැවැත්වුණේ. 26 හැවිරිදි දකුණු අප්‍රිකා ජාතික සෝසිබිනී ටුන්සියි කිරුල දිනාගත්තේ. පොටොරිකෝ රාජ්‍ය  සහ මෙක්සිකෝව පිළිවෙළින් දෙවන හා තුන්වන ස්ථාන දිනාගත්තා. කිරුළ දිනාගැනීමට පෙර සෝසිබිනී සිදුකළ කතාව බොහෝ දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වුණා.

”මම හැදී වැඩුනේ මං වගේම සමක් තියෙන මගේ වගේ හිසකෙස්  තියෙන කාන්තාවන් ලස්සනයි කියලා කියන්නේ නැති ලෝකයක. මං හිතන්නේ අදින් ඒ කතාව නවත්වන්න පුළුවන්. මට ඕනේ කුඩා ළමුන් මගේ මුහුණ දෙස බලන්නයි. ඔවුන්ගේ දෑසින්  මාගේ මුහුණ ප්‍රතිභිම්බනය වනු දැකීමත් මගේ  කැමැත්තක්. ”

තරගකාරිණියන් 90ක් පරාජය කරමින් ඇය කිරුළ දිනාගත්තා. 2018 වසරේ විශ්ව රූ රැජිණ කිරුළ දිනාගත්තේ තායිලන්තයයි. විශ්ව රූ රැජිණක් ලෝකයේ සිටින කාන්තාවන්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා ඔවුන්ගේ ආත්ම අභිමානය වෘත්තීමය භාවය ගෝලීය ඉලක්ක සපුරා ගැනීමට ශක්තියක් වෙමින් කටයුතු කළ යුතු වනවා. පළමු විශ්ව රූ රැජිණ තරගය 1952 වසරේ දී පැවැත්වූ අතර එහිදී පින්ලන්තය නියෝජනය කළ 17 හැවිරිදි අර්මි කූසෙලා කිරුළ දිනාගත්තා. වැඩිම වාර ගණනක් විශ්ව රූ රැජිණ කිරුළ දිනාගත් රට ලෙස වෙනිසුවේලාව ඉතිහාසයට එක්වනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2019 12:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්