fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශීත සෘතුවේදී සංචාරයට සුදුසුම රටවල් අතරින් ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2019 13:00

ශීත සෘතුවේදී සංචාරයට සුදුසුම රටවල් අතරින් ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට

ශීත සෘතුවේදී උනුසුම් කාලගුණ තත්ත්වයක් සහිත සංචාරයට සුදුසුම රටවල් අතරින් ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.

යූඑස්.ඒ ටුඩේ වෙබ් අඩවියයි ශීත සෘතුවේදී සංචාරය කිරීමට සුදුසුම උනුසුම් කාලගුණයක් සහි රට ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙන්නේ. ඒ අනුව මෙවර නත්තල් කාලසීමාව තුළ සංචාරකයන් විශාල පිරිසක් මෙරට වෙත පැමිණෙනු ඇති බව අපේක්ෂා කෙරෙනවා.

කළුතර, බෙන්තර හා මොරගල්ල යන ප්‍රදේශවල සංචාරකයන් විශාල පිරිසක් දැක ගත හැකි බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.ප්‍රංශය රුසියාව ඇතුළු යුරෝපා රටවලින් වැඩි සංචාරකයන් පිරිසක් මේ වන විටත් ශ්‍රී ලංකාව වෙත පැමිණෙමින් සිටිනවා.  එම සංචාරකයින් ශ්‍රී ලංකාව පිලිබද මෙලෙස අදහස් පල කළා.

”මේ මගේ පළමු ශ්‍රී ලංකා සංචාරය. ශ්‍රී ලංකාව සංචාරයඑට ඉතාමත් සුදුසු රටක් ඒ වගේම මේ වෙන කොට ඉතාමත් ආරක්ෂාකාරී වටපිටාවක් මෙහි දකින්න පුළුවන්. ලංකාවේ මිනිස්සුත් ලංකාවේ ජනතාවත් ඉතාම කරුණාවන්තයි. ”

”ශ්‍රී ලංකාව කියන්නේ ඉතාම සුන්දර රටක්. ඒවගේම වඩාත් සෞම්‍ය කාලගුණයක් අපේ රටේ තියෙනවා. අපි හැම කෙනෙක්ටම කියනවා එන්න ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න. මෙහි සුන්දරත්වය විදගන්න.”

වැඩි සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණීමත් සමඟ සංචාරක කර්මාන්තයේ නිතරවන්නන්ටද යහපත් කාලවකවානුවක්  උදාවී තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2019 13:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar179.39183.06
USA
Pound232.18239.41
UK
Euro197.73204.49
EU
Yen1.621.67
Japan
Yuan25.726.91
China
Dollar121.84126.92
Australia
CountryCurrencyRate
Dinar480.97
Dinar597.39
Riyal470.97
Riyal49.80
Riyal48.33
Dirham181.33