fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රදේශ රැසකට මිලිමීටර් 200ට වැඩි තද වැසි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2019 12:16

ප්‍රදේශ රැසකට මිලිමීටර් 200ට වැඩි තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසක පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක්  අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 200 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් 740 ක් පමණ මේ වන විට පිටාර ගලමින් පවතින බව පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.තවත් වැව් ගණනාවක්  පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. වැව් ගණනාවක් මෙලෙස පිටාර ගැලීම සිදුව ඇත්තේ වසර ගණනාවකට පසු බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

පවතින කාලගුණ තත්ත්වයත් සමඟ පොලොන්නරු දිස්ත්‍රික්කයේ එළවළු වගාබිම් රැසක කෘමි උවදුරු ද පැතිර යමින් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2019 12:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්