නවසීලන්තයේ වයිට් අයිලන්ඩ් හි වකාරි ගිනි කන්ද පුපුරා යාමෙන් පුද්ගලයින් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.
පුද්ගලයින් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි නවසීලන්ත වාර්තා සඳහන් කරන්නේ. ගිනි කන්ද පුපුරා යන අවස්ථාවේ නවසීලන්තයේ ප්රසිද්ධ සංචාරක ස්ථානයක් වන වයිට් අයිලන්ඩ් හි සංචාරකයින් 50 දෙනෙකු පමණ රැඳී සිට තිබෙනවා. ඔවුන් නෞකාවක් මඟින් දූපතෙහි සංචාරයකට එක්ව සිටි බව සඳහන්. විපතට පත් පිරිස මුදා ගැනීම සඳහා හෙළිකොප්ටර් යානා කිහිපයක් ද යොදා ගෙන ඇති බවයි එරට වාර්ත සඳහන් කරන්නේ.