ඉන්දියාව සමඟ පැවති දෙවන පන්දුවාර 20-20 ක්රිකට් තරගයෙන් කඩුලු 08ක ජයක් වාර්තා කිරිමට සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් වුණා.
තිරුවානත්පුරම්හිදි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 07ක් දැවි ලකුණු 170ක් රැස් කළා. රෝහිත් ශර්මා ලකුණු 15යි. ජයග්රහණය සදහා ලකුණු 171 ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 03ක් අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී එම ඉලක්කය පසු කළා. එහිදි ලෙන්ඩිල් සිමන්ස් නොදැවි ලකුණු 67ක් ලබා ගත්තා. නිකලස් පුරන් ලකුණු 38යි. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලිය මේ වන විට තරග 1ට 1ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.