ඇමරිකාව සහ තලෙයිබාන් සංවිධානය අතර සාකච්ඡා යළි ආරම්භ වුණා.
ඇෆ්ගනිස්ථාන සිවිල් යුද්ධය අවසන් කිරීම අරමුණු කරගනිමින් සාකච්ඡා පැවැත්වෙන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. පසුගිය සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට තිබූ සාකච්ඡා අවලංගු කිරීමට ඇමරිකාව තීරණය කළා. ඒ තලෙයිබාන් සංවිධානය එල්ල කළ ප්රහාර වලින් ඇමරිකා හමුදා සාමාජිකයන් මියගිය බවට චෝදනා කරමින්. කෙසේ වෙතත් 2020 ජනාධිපතිවරණයට පෙර තලෙයිබාන් සංවිධානය සමඟ අවසන් එකඟතාවකට පැමිණීමයි ඇමරිකාවේ අරමුණ.