ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා.
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාව ලෙසින් 1937 වසරේදී ස්ථාපනය කරනු ලැබූ නාවික හමුදාව දෙවන ලෝක යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකා රාජකීය ස්වෙච්ඡා නාවික උප සේවය නමින් බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව වෙත අන්තර්ග්‍රහණය කෙරුණා. නිදහස ලැබීමෙන් පසුව 1950 වසරේ දෙසැම්බර් 09 වනදා ස්ථිර නාවික හමුදාවක් ස්ථාපිත කළ අතර 1972 වසරේ ශ්‍රී ලංකාව ජන රජයක් බවට පත්වීමෙන් පසුව එය ශ්‍රී ලංකා නාවික හමුදාව ලෙස නම් කෙරුණා.
ඉතා සීමිත නැව් මුළුවකින් සහ යාත්‍රා කිහිපයකින් ඇරඹුණු ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වන විට අධි තාක්ෂණික නිරීක්ෂණ නෞකා මෙන්ම දියුණු මෙහෙයුම් පද්ධතිවලින්ද සන්නද්ධ වී තිබෙනවා. දේශයේ පළමු ආරක්ෂක වලල්ල ලෙසින් ක්‍රියාත්මක ශ්‍රී ලංකා නාවික හමුදාව මානුෂීය මෙහෙයුමේදී අංශ රැසක් ඔස්සේ සිය සක්‍රීය දායකත්වය ලබා දුන්නා. ගොඩ බිම මෙන් 08 ගුණයක් පමණ අන්‍යන්‍ය ආර්ථික සාගර කාලපය ආරක්ෂා කිරීම මෙන්ම සහ මුදවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ වගකීමද ශ්‍රී ලංකා නාවික හමුදාව සතුයි. රටේ ස්වභාවික විපත් ඇති වූ සෑම අවස්ථාවකදීම ජනතාවගේ අවශ්‍යතා ඉටු කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාව ඉටුකරන මෙහෙවරද දෙස් විදෙස් රටවල ප්‍රශංසාවට ලක් වූ වාර ගණන අතිමහත්. මෙවැනි අභිමානවත් ගමන්මගක් තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව අද සමරන්නේ අභිමානවත් 69 වෙනි සංවත්සරයයි.