fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය අදයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2019 09:41

ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය අදයි

ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය අදට යෙදී තිබෙනවා. ඊට සමගාමීව ලෝකයේ බොහෝ රටවල දූෂණයට එරෙහි කි‍්‍රයාකාරී සහ එලදායී වැඩසටහන් රැසක් සිදුකිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.

අල්ලස හා දූෂණයට තනි තනිව කටයුතු කළ නොහැකි බව අවබෝධ කරගනිමින් ලෝකයේ රටවල් 186 කට වැඩි ප‍්‍රමාණයක් එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතියට අත්සන් තබා තිබෙනවා. ශ්‍රී‍්‍ර ලංකාව 2004 වසරේදී එම සම්මුතියට අත්සන් තැබීමටයි පියවර ගත්තේ. එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතියේ ලේකම් කාර්යාලය මෙවර අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය වෙනුවෙන් ප‍්‍රජාපාදක වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා. අල්ලස් හා දූෂණ මර්දන කොමිෂන් සභාව අද විශේෂ වැඩපිළිවෙල රැසක් සැලසුම් කර තිබෙනවා. අල්ලස පිළිබඳ දුම්රිය මඟී ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් කොළඹ කොටුව, මරදාන මහ ලේකම් කාර්යාලය, බම්බලපිටිය, කොල්ලුපිටිය සහ දෙමටගොඩ දුම්රිය ස්ථාන කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා. දූෂණ විරෝධී පණිවිඩ තේමා කරගත් ස්ටිකර් ව්‍යාපාරයක් ද පැවැත්වීමටයි සංවිධාන කර තිබෙන්නේ. කොටුව දුම්රියපොළ පරිශ‍්‍රය තුළ අද දිනය පුරා අල්ලස දූෂණය වැළැක්වීම තේමා කරගත් වීථි නාට්‍ය රඟ දැක්වෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2019 09:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo