fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්තාන තරග සංචාරය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2019 09:27

පාකිස්තාන තරග සංචාරය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

ICC ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලිය යටතේ පැවැත්වෙන පාකිස්තාන තරග සංචාරය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රීයේදී දී දිවයිනෙන් පිටත්ව ගියා. දිවයිනෙන් පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් සහ ආගමික වතාවත්වලද නිරත වුණා.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කන්ඩායමට ක්‍රිඩකයින් 16 දෙනෙකු ඇතුලත්. ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රිඩක සුරංග ලක්මාල්ට ඩෙංගු රෝගය වැලදීම හේතුවෙන් මෙම තරග සංචාරය අහිමි වී තිබෙනවා. ඔහු වෙනුවට මෙතෙක් ජාත්‍යන්තර ටෙස්ට් වරම් නොලද දකුණත් වේගපන්දු යවන ක්‍රිඩක අසිත ප්‍රනාන්දු සංචිතයට කැඳවා තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතාව යටතේ මේ වන විට ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකට ක්‍රිඩා කර ඇති අතර ප්‍රසාද ලකුණු 60ක් දිනා ගනිමින් එහි තුන්වන ස්ථානයේ පසුවනවා. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය 11වනදා සිට 15වනදා දක්වා රාවල්පින්ඩිහිදිත් , දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය දෙසැම්බර් 19වනදා සිට 23දක්වා කරච්චිනුවරදීත් පැවැත්වීමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 9, 2019 09:27

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්