පැහැර ගැනීමට ලක්වූයේ යැයි කියන කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව ප්‍රකාශයක් ලබා දිම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට එම තානාපති කාර්යාලය සූදානම් බවට විවිධ වෙබ් අඩවි ඔස්සේ තොරතුරු වාර්තා වුණා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතාගෙන් අප මේ පිළිබඳ විමසීමක් කළා. ඇය ශ්‍රී ලාංකික පුරවැසියෙකු බැවින් ඒ පිළිබඳ ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් පවතින බවයි ඒ මහතා කියා සිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/mh6wwwYKgp4″]
අදාළ නිලධාරිනියගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මෙතෙක් අවස්ථාව නොලැබීම පරීක්ෂණවලට බාධාවක්ව පවතිනවා. ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනිම සදහා යොමු කරන ලෙස ස්විට්සර්ලන්ත තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට ද රජය කටයුතු කළා. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනවල ප්‍රතිඵල පිළිබදව ස්විට්සර්ලන්ත තානාපතිවරයා දැනුවත් කිරිමට ද කටයුතු කෙරුණා. මෙම තැනැත්තිය පැහැර ගැනීමේදී තමාට තුවාල සිදු වූ බවද ප්‍රකාශ කර ඇති බැවින් ඇය අධිකරණ වෛද්‍ය නිලධාරියෙකුට යොමු කර වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළ යුතු බවයි ශ්‍රී ලංකා රජය පෙන්වා දි ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරකර තිබෙනවා. අදාළ සේවිකාව තවමත් ප්‍රකාශයක් ලබා දිමට ඉදිරිපත් නොවීම තුළ ඇය විදේශ ගතවුවහොත් එය විමර්ශනවලට බාධාවක් බවයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ. ඒ අනුව ඇය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන තෙක් හෙට දින දක්වා විදේශගත වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පසුගියදා නියෝගයක් නිකුත් කළා.