බ්‍රිතාන්‍ය වෙස්මිනිස්ටර් අධිකරණය බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට ලබා දුන් තීන්දුව පිලිබදව මෙතෙක් ශ්‍රී ලංකාවට ලිඛිතව දැනුම් දී නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා මිරිසවැටිය විහාරාධිකාරී පූජ්‍ය ඊතල්වැටුන වැවේ ඥාණතිලක ස්වාමීන්වහන්සේ බැහැදුටුවා. අනතුරුව මිරිසවැටිය පුද බිමේ පැවති ආගමික වැඩසටහන් මාලාවට යුද හමුදාපතිවරයා සහභාගී වුණා.අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ ඉදිරි ඕනෑම අභියෝගයකට මුහුණදීමට යුද හමුදාව සූදානම් බවයි.
[ot-video type=”youtube” url=”[ot-video type=”youtube” url=”https://youtu.be/b–yQogjMwg”]”]