ඉන්දියාවේ දිල්ලි නුවර කර්මාන්ත ශාලාවක සිදුවූ ගිනි ගැනීමෙන් මිය ගිය සංඛ්‍යාව 43 දක්වා ඉහළගොස් තිබෙනවා.
කර්මාන්ත ශාලාවේ හිමිකරු අතුරුදන්ව ඇති බවයි ඉන්දීය පොලිසිය පවසන්නේ. ඔහුට එරෙහිව පැමිණිල්ලක් ද ගොනුකර තිබෙනවා. ගිනි ගැනීම සිදුවූ කර්මාන්ත ශාලාවේ රැදී සිටි 60 දෙදෙනෙකුගේ දිවි බේරා ගැනීමට හැකිවුණා. පාසල් බෑග් සකස් කරන කර්මාන්ත ශාලාවකයි ගිනි ගැනීම ඇතිවුණේ. එම අවස්ථාවේ කර්මාන්ත ශාලාව තුළ සිය දෙනෙකු පමණ රැදී සිටි බව සඳහන්. පහතමාලයේ හට ගත් ගින්න මහල් කිහිපයක් පුරා පැතිර ගියා.