fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිල නිවාස හා නිල වාහන භාර නොදුන් පසුගිය රජයේ අමාත්‍යවරුන්ට එරෙහිව නීතිමය පියවර

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2019 15:58

නිල නිවාස හා නිල වාහන භාර නොදුන් පසුගිය රජයේ අමාත්‍යවරුන්ට එරෙහිව නීතිමය පියවර

මෙතෙක් නිල නිවාස හා නිල වාහන භාර නොදුන් පසුගිය රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්ට එරෙහිව නීති පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යවරුන්ට ඒ පිළිබදව ලිඛිතව දැනුම්දිමට පියවර ගත් බව අමාත්‍යාංශ ලේකම් සිරිපාල භෙට්ටිආරච්චි මහතා සදහන් කළා. පවතින තත්ත්වය සම්බන්ධයෙන් ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබදව ජනාධිපති ලේකම්වරයාගෙන් ද උපදෙස් ලබාගෙන තිබෙනවා.

මෙම තත්ත්වය තුළ නව රජයේ අමාත්‍යවරුන්ට නිල නිවාස ලබාදිමට නොහැකිවී ඇති බවද සිරිපාල භෙට්ටිආරච්චි මහතා සදහන් කළා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 8, 2019 15:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්